
ඊයේ දවසේ නොතිබුණ අවස්ථාව අද ඇත, අද දවසින් පසුව උදාවෙන හෙට ඊටත් වඩා අවස්ථාවන් ඇත.
ඉංග්‍රීසි O අකුර Opportunity හෙවත් අවස්ථාව කියන එක ගෙනහැර දක්වයි.
ඊයේ කියන Yesterday හි O අකුර හමුවෙන්නේ නැත, අද කියන Today හි එක O අකුරක් ද අද දවසෙන් පසුව එළඹෙන හෙට කියන Tomorrow හි O අකුර තුනක් ද හමුවේ.
ගෙවීගිය ඊයේට වඩා අද, අදට වඩා හෙට උත්සාහ කරන්න අවස්ථාවන් - Opportunity බොහෝ ඇති බව Yesterday, Today, Tomorrow පෙන්නුම් කරනවා නේද?
බලාපොරොත්තුව නැති කරගන්න එපා, උත්සාහය අතහරින්න එපා.
හරිම ලස්සන අදහසක්. මමත් හිතන්නේ ජීවිතය දිහා බලන්න ඕනේ මේ විදිහට තමයි.
ReplyDeleteඅතීතය අපට වෙනස් කරන්න බැහැ. ඒ ගැන නැවත නැවත දුක්වෙමින් හෝ එහිම හිරවෙලා ඉඳීමෙන් ලැබෙන දෙයක් නැහැ. හැබැයි අතීතය අමතක කරන්නත් හොඳ නැහැ. මොකද අද අපි ගන්න තීරණවලට අවශ්‍ය වටිනාම පාඩම් ගොඩක් තියෙන්නේ එතැන.
මේ අදහස මතක් කරවන ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙනවා Scene of the Deluge.
එහි මිනිසෙක් ජලයෙන් බේරෙන්න සටන් කරමින් වයස්ගත පුද්ගලයෙකු බේරාගැනීමට උත්සාහ කරන අතර, ඔහුගේ බිරිඳ සහ දරුවාත් අනතුරේ සිටිනවා.
මේ චිත්‍රයට පසුව ලැබුණු ලස්සන සංකේතාත්මක අර්ථකථනයක් තියෙනවා. වයස්ගත පුද්ගලයා අතීතය, බිරිඳ වර්තමානය, දරුවා අනාගතය කියලා.
මට නම් ඒකෙන් ලැබෙන පණිවිඩය “අතීතය අතහැර දමන්න” කියන එක නෙමෙයි.
අතීතයෙන් පාඩම් ගන්න.
වර්තමානයේ ජීවත් වෙන්න.
නමුත් අනාගතය බේරාගන්න.
අතීතය අපේ ගුරුවරයා විය යුතුයි; අපේ සිරගෙය නොවෙයි.
Yesterday එක වෙනස් කරන්න අපට බැහැ. Today එක අපේ අතේ තියෙනවා. Tomorrow එක තවම ලියලා නැහැ.
ඒ නිසා ඊයේ සිදු වූ දේවලින් පාඩම් අරගෙන, අද ලැබී ඇති අවස්ථාව හොඳින් භාවිත කරලා, හෙට දවස අදට වඩා හොඳ දවසක් කරගන්න උත්සාහ කරන එක තමයි වැදගත්.
බලාපොරොත්තුව අතහරින්න එපා. අතීතය දිහා බලන්න... නමුත් ගමන යන්න ඕනේ ඉස්සරහට.
👍👍👍
ReplyDeleteබොහෝම ස්තුතියි මයියා, ඒ සටහන පොස්ටුවට ලොකු වටිනාකමක් එක් කරනවා.
ReplyDelete