විහිදුවමින් ආලෝකය- අඳුරෙන් එළියට එන මග දැකගත හැකිවන සේ...

Thursday, September 3, 2026

සම්මත සැලැස්මෙන් ඔබ්බට විශ්වාස කරන්න - Believe Beyond the Blueprint

 


"I want you to believe... to believe in things that you cannot." — Bram Stoker

"මට අවශ්‍යයි...  විය නොහැකි දේවල් වෙන්න පුළුවන් බව ඔබ විශ්වාස කරනවාට."

බ්‍රෑම් ස්ටෝකර්, ලෝකප්‍රකට ඩ්‍රැකියුලා කෘතියේ කතෘ, තම  පාඨකයින්ගෙන් ලේ උරාබොන වැම්පයරයෙකු පිළිගන්නා ලෙස ඉල්ලා සිටීමට පෙර, ඔහු මුලින්ම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නිශ්චිතභාවය කියන එළඹගත් මතය පිළිබඳ ඔවුන්ගේ ග්‍රහණය ලිහිල් කරන ලෙසයි.


සෑම පරම්පරාවක්ම තමන්ගේම නිහඬ ආශ්චර්යයන් සහ "නොහැකි" දේ පිළිබඳ තමන්ගේම නිහඬ මතයන් කරපින්නා ගෙන යයි.


වසර ගණනාවක් තිස්සේ, මිනිසුන් කුතුහලයෙන් පිරි කතාවක් පුන පුනා කීහ: වායුගතික විද්‍යාවේ (aerodynamics නොහොත් ගුවන් යානයක් පියාසර කිරීම ගැන විග්‍රහ කරන විද්‍යාව) නීතිවලට අනුව බඹරෙකුට පියාසර කිරීමට නොහැකි විය යුතුය (aerodynamically a bumblebee cannot fly). එය ප්‍රියතම දිරිගැන්වීමේ (motivational) රිදී රේඛාවක් බවට පත් විය, එය යම් න්‍යායක,  දර්ශනයක දවටා ඔතා ඇති කතාවකි. මී මැස්සා කිසි විටෙකත් සූත්‍රය කියවා නැත. ඇය තත්පරයකට දෙසිය තිස් වතාවක් පමණ පියාඹා ඇගේ කාර්යය කරගෙන ගියාය - තැනින් නැතනට පියාසලා යමින්, මලෙන් පලතුරට පරාග රැගෙන යමින්, වනාන්තර සහ පලතුරු උයන් සහ ඒවා මත යැපෙන ජීවීන් නිහඬව පෝෂණය කළාය. මී මැස්සා නීතියක් කඩ කළ නිසා පැරණි න්‍යාය වැරදි නොවීය. නීතිය මී මැස්සන්ට ඉතා කුඩා වූ නිසා එය වැරදිය. එදා මී මැස්සාට බැරිය කියූ මතය නිෂ්ප්‍රභා කරමින්  මී මැස්සා පියාසර කරන කාරණය පැහැදිලි කරන නවතම මතයක් නවීන විද්‍යාව ඉදිරිපත් කරයි.


අපි ද බොහෝ විට යමක් එලෙසම පිළිගන්න පෙළඹෙන්නෙමු. ඉහළ මහලක ඇවිදෙමින් එන අයෙකු සඳුතලයෙන් නික්මවි හිස් අවකාශය හරහා ඇවිද යන අයුරු නරඹන පිරිස හුස්ම හිරකර ගනී. රංගන ශිල්පියෙක් තම ඇඟිලි වලින් අල්ලා ගෙන සිටින දිලිසෙන සුදුයකඩ ලෝහ හැන්දක් පිරිමදින්න පටන් ගනී, ටිකින් ටික මෙළෙක් වෙන හැන්ද, කරින් කඩන හැන්ද ප්‍රේක්ෂකයින්ට පෙන්වයි. අපි එය මායාව, උපක්‍රමය, පුහුණු මනසක් ලෙස හඳුන්වනෙමු, සමහර විට එය එසේ විය හැකිය. නමුත් එය නැරඹීමෙන් අපට දැනෙන අපහසුතාවය පැරණි වායුගතික විද්‍යා පෙළපොතේ මතය මී මැස්සෙකු ගැන කී විට දැනුණු අපහසුතාවයට සමානයි, යමක් දෘශ්‍යමානව ක්‍රියාත්මක වූ අතර අපගේ හිතේ රෝපණය වූ,  මුල්බැසගත් ආකෘතිය එය පිළිගැනීමට ඉඩ දෙන/නොදෙන අවස්ථා එමටය.


ඉතින් අදට ගතයුතු වටිනා මෘදු, සරල සත්‍යය මෙන්න: ඔබ හමුවේ එන බොහෝ සීමාවන් ස්වභාවධර්මයේ නීති නෙවෙන්න පුළුවනි. ඒවා පැරණි සූත්‍ර, හැකි දේ පැහැදිලි කිරීමට යමෙකුගේ පෙර ගත්, අසම්පූර්ණ උත්සාහයක් වෙන්න බැරි නැහැ. ඔබ ඒවා වැලඳ ගන්න,  උරුම කර ගැනීම අවශ්‍ය නොවේ. එවන් යමෙකු විසින් සකසා දෙන හෝ සකසා ගත් ස්ටෙන්සිලය තුල සීරුවෙන් පින්තාරු කර ඔබ, ඔබව ඇඳිය යුතුම නැහැ නේද?


කෙසේ වෙතත්, මී මැස්සා ගැන හිතන්න, ඔබ සතු දායාදයන් පෙරදැරි කරගෙන පියාසර කරන්න. කිසිවෙකු ඌ හට ළඟා විය නොහැකි යැයි සිතූ මල ගැන සිතන්න. ඔබ හමුවේ ඇති අභියෝගය -  ඔබව බිම හෙළීමට උත්සාහ කළ සැකය, ඇද ගැට ගසා තබන, බරුවන් පළඳන  පිටස්තර බලපෑම් දුරස් කර, ඒවායින් මිදි,  ඒ හැමට වඩා වඩා විශාල දෙයක් වන ඔබේ ඉලක්කය, අභිප්‍රාය පෝෂණය කිරීමට, වැඩෙන්න ඉඩ දෙන්න. ඔබට පුළුවනි ඔබේ අභියෝගයන් ජයගන්න!

No comments:

Post a Comment

සම්මත සැලැස්මෙන් ඔබ්බට විශ්වාස කරන්න - Believe Beyond the Blueprint

  "I want you to believe... to believe in things that you cannot." — Bram Stoker "මට අවශ්‍යයි...  විය නොහැකි දේවල් වෙන්න පුළු...