විහිදුවමින් ආලෝකය- අඳුරෙන් එළියට එන මග දැකගත හැකිවන සේ...
Tuesday, November 3, 2026
සමනලයා නොදකින උගේ පියාපත් - Butterflies Cannot See Their Wings
Tuesday, October 27, 2026
සිනහව - Smile
"A smile is a curve that sets everything straight." — Phyllis Diller
සුන්දර සිනාහව මුව මුවමඩලේ අඳින්නේ ලස්සන, ප්‍රියමනාප වකයක් වුවද එයින් බොහෝ දේ යහපත් කළ හැකිය.
සරල, අවංක සිනහවකට ආතතිය සමනය කිරීමටත්, සිත යහපත් කිරීමටත්, දුෂ්කර තත්වයන් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි ඒවා ලෙස දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව ඇත.
සිනහව සුන්දරය, අයෙකු උත්පත්තියෙන් ලබන මිලකළ නොහැකි දායාදකි. එහෙත් සිනහව පෑම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කෙනෙකු සතු, කොච්චර දුන්නත් අඩුවක් නොවන වස්තූන් මේ ලොවේ ඇත්නම් සිනාව ඒ අතරින් මුල්තැන ගන්නවා සැක නැහැ. පමණක් විටෙක ඒ මද සිනාව ලබන්නා ඒ මොහොතේ ලබන සුන්දරම, මිලකළ නොහැකි දායාදය ඒ සොඳුරු සිනහව වෙන්න පුළුවනි. එහෙත්, වියරු සිනහව අනපේක්ෂිත අප්‍රසන්න අවස්ථාවන් ඇති කරතෑකි.
ක්ලැරන්ස් විජේවර්ධන ගයන ගීතයේ මෙහෙම කියනවා:
ඉඳහිට හමුවන මේ පුංචි වෙලාවේ
ඇයි මේ ඔය තරමට අගය හිනාවේ
යහළු මිතුරු අය මග දී මුණගැසුනාම
සඟවන්නට එපා පිපෙන සුවඳ හිනාව
ඇත්තටම යහළු සිනහවක් මොනතරම් නම් අගේ ද?
Monday, October 19, 2026
හොඳ Learner (ඉගෙනගන්න) කෙනෙකු වන්නේ කෙසේද?
- කුතුහලය පවත්වා ගන්න: ගවේෂණය කිරීමට සහ නව දේ සොයා ගැනීමට ඇති කැමැත්ත වර්ධනය කරගන්න.
- අවධානය යොමු කරන්න: ඔබ කරන කාර්යය කෙරෙහි ඔබේ පූර්ණ අවධානය යොමු කරන්න.
- අසාර්ථකත්වය බාරගන්න: වැරදීම් වටිනා පාඩම් ලෙස සලකන්න.
- ඉවසිලිවන්ත වන්න: ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබා දෙන්න.
- දැනුම ප්‍රායෝගිකව යොදාගන්න: ඔබ ඉගෙන ගන්නා දේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පත් කරන්න.
- ප්‍රශ්න අසන්න: පැහැදිලි බව සහ ගැඹුරු අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරන්න.
- දැනුම බෙදාගන්න: අන් අයට ඉගැන්වීම තුළින් ඉගෙන ගන්න.
- විශේෂඥයන්ගෙන් ඉගෙන ගන්න: පොත්පත්, දේශන සහ අන්තර්ජාල සම්පත් ගවේෂණය කරන්න.
- එකවර කාර්යයන් කිහිපයක් (multitask) කිරීමෙන් වළකින්න: වරකට එක් දෙයක් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න.
- නොපසුබට උත්සාහය ඇතිව කටයුතු කරන්න: ක්ෂණික ප්‍රතිඵලවලට වඩා ප්‍රගතිය අගය කරන්න.
- චිත්තවේගීය බුද්ධිය වර්ධනය කරගන්න: ඔබේ මෙන්ම අන් අයගේ හැඟීම් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න.
Thursday, October 15, 2026
එපා අතහරින්න - Don't Give-up
ජීවිතයේ බොහෝ ආසාර්ථකත්වයන් (failures) පරාජයන් වෙන්නේ සාර්ථකත්වය (success), ජයග්‍රහණය කරා ළඟා වෙන්න ඔන්න මෙන්න තිබියදී අතහැර දැමීම නිසාය.
විදුලි බල්බය සොයාගත් තෝමස් එඩිසන්ගේ ප්‍රකට කියමනක් වෙන්නේ:
“Many of life's failures are people who did not realize how close they were to success when they gave up,”
එඩිසන් අදහස් කළේ අභියෝග එම නිශ්චිත මොහොතේ වඩාත්ම දුෂ්කර යැයි හැඟෙන නිසා මිනිසුන් බොහෝ විට ඉදිරි ගමන වෙනුවට අතහැරදමා ඉවත් වන බවයි.
එය තාවකාලික බාධකයක් විඩාබර අවසානයක් ලෙස සැලකීමට වඩා ධෛර්යය, ඉවසීම, නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය දැකීමේ වටිනාකම ඉස්මතු කරයි.
සාර්ථකව විදුලි බල්බය නිර්මාණය කර එඩිසන් ගෙන් ඔහුගේ අසාර්ථක උත්සාහයන් ගැන පුවත්වාර්තා කරුවෙකු නැඟු ප්‍රශ්නයකට පිලිතුරවී ඇත්තේ "ආලෝක බල්බය සඳහා ද්‍රව්‍ය දහස් ගණනක් පරීක්ෂා කිරීම සහ සෑම පසුබෑමක්ම අසාර්ථකවීමක්ම පාඩුවක් ලෙස නොව, ක්‍රියා නොකරන මාර්ගයක් ලෙස සොයා ගැනීම" තමන් ලැබූ ජයග්‍රනයේ පසුබිම ලෙසය. ඔහුගේ එක් දහස්වෙනි පර්යේෂණ වාරයේ දී තමයි සාර්ථක විදුලි බල්බය එළිදක්වා ඇත්තේ, ඒ කියන්නේ 999 වාරයක්ම අතහරින්නේ නැතුව ඉදිරියට ගිය නිසා සාර්ථක වූ කෙනෙක්.
උත්සාහයෙන් යමක් කරගෙන යනවිට ඇතිවෙන අසමත්කම්, කලකිරීම්, විඩාව ආදී ආපස්සට අදින කාරණා කියන සෘණාත්මක අදහස් ඇතිවෙන මොහොතේ අතෑරීම වෙනුවට පුංචි විවේකයක් අරගෙන ඉදිරියට යන්න. ඔබට පුළුවන්, ඔබට පුළුවන් ජය ගන්න.
Tuesday, October 13, 2026
විශිෂ්ඨයෙකු වෙන්නට - To Be The Best

Monday, October 12, 2026
සමනලයෙකුව උපදින්න - Butterfly
"දළඹුවා ලෝකයේ අවසානය ලෙස දකින දේ, සමනලයෙකු බිහි කරයි."
මෙය අපට සිහිපත් කර දෙන්නේ, දැඩි අරගල, වේදනාව හෝ ජීවිතයේ විශාල වෙනස්කම් (එනම් කෝෂ අවධිය) පූර්ණ විනාශයක් හෝ අවසානයක් ලෙස හැඟී ගියද, ඇත්ත වශයෙන්ම ඒවා සුන්දර නව ආරම්භයක් සඳහා වන වේදනාකාරී සූදානමක් පමණක් බවයි.
අපගේ දුෂ්කරම අවස්ථාවන් තුළ පවා ගැඹුරු පෞද්ගලික වර්ධනයක් සහ පරිවර්තනයක් සඳහා වන හැකියාව සැඟවී ඇති බව පෙන්වා දෙමින්, මෙය අපට ඉවසීම උගන්වනවා, බලකරනවා නේද?
Saturday, October 10, 2026
වෙනස - Change

– මහා කවි රූමි
– Rumi
Friday, October 9, 2026
සිහිනය - Dream

Wednesday, October 7, 2026
බලාපොරොත්තුව නැති කරගන්න එපා - Opportunity

ඊයේ දවසේ නොතිබුණ අවස්ථාව අද ඇත, අද දවසින් පසුව උදාවෙන හෙට ඊටත් වඩා අවස්ථාවන් ඇත.
ඉංග්‍රීසි O අකුර Opportunity හෙවත් අවස්ථාව කියන එක ගෙනහැර දක්වයි.
ඊයේ කියන Yesterday හි O අකුර හමුවෙන්නේ නැත, අද කියන Today හි එක O අකුරක් ද අද දවසෙන් පසුව එළඹෙන හෙට කියන Tomorrow හි O අකුර තුනක් ද හමුවේ.
ගෙවීගිය ඊයේට වඩා අද, අදට වඩා හෙට උත්සාහ කරන්න අවස්ථාවන් - Opportunity බොහෝ ඇති බව Yesterday, Today, Tomorrow පෙන්නුම් කරනවා නේද?
බලාපොරොත්තුව නැති කරගන්න එපා, උත්සාහය අතහරින්න එපා.
Thursday, September 3, 2026
සම්මත සැලැස්මෙන් ඔබ්බට විශ්වාස කරන්න - Believe Beyond the Blueprint
"I want you to believe... to believe in things that you cannot." — Bram Stoker
"මට අවශ්‍යයි... විය නොහැකි දේවල් වෙන්න පුළුවන් බව ඔබ විශ්වාස කරනවාට."
බ්රෑම් ස්ටෝකර්, ලෝකප්‍රකට ඩ්රැකියුලා කෘතියේ කතෘ, තම පාඨකයින්ගෙන් ලේ උරාබොන වැම්පයරයෙකු පිළිගන්නා ලෙස ඉල්ලා සිටීමට පෙර, ඔහු මුලින්ම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නිශ්චිතභාවය කියන එළඹගත් මතය පිළිබඳ ඔවුන්ගේ ග්‍රහණය ලිහිල් කරන ලෙසයි.
සෑම පරම්පරාවක්ම තමන්ගේම නිහඬ ආශ්චර්යයන් සහ "නොහැකි" දේ පිළිබඳ තමන්ගේම නිහඬ මතයන් කරපින්නා ගෙන යයි.
අපි ද බොහෝ විට යමක් එලෙසම පිළිගන්න පෙළඹෙන්නෙමු. ඉහළ මහලක ඇවිදෙමින් එන අයෙකු සඳුතලයෙන් නික්මවි හිස් අවකාශය හරහා ඇවිද යන අයුරු නරඹන පිරිස හුස්ම හිරකර ගනී. රංගන ශිල්පියෙක් තම ඇඟිලි වලින් අල්ලා ගෙන සිටින දිලිසෙන සුදුයකඩ ලෝහ හැන්දක් පිරිමදින්න පටන් ගනී, ටිකින් ටික මෙළෙක් වෙන හැන්ද, කරින් කඩන හැන්ද ප්‍රේක්ෂකයින්ට පෙන්වයි. අපි එය මායාව, උපක්‍රමය, පුහුණු මනසක් ලෙස හඳුන්වනෙමු, සමහර විට එය එසේ විය හැකිය. නමුත් එය නැරඹීමෙන් අපට දැනෙන අපහසුතාවය පැරණි වායුගතික විද්‍යා පෙළපොතේ මතය මී මැස්සෙකු ගැන කී විට දැනුණු අපහසුතාවයට සමානයි, යමක් දෘශ්‍යමානව ක්‍රියාත්මක වූ අතර අපගේ හිතේ රෝපණය වූ, මුල්බැසගත් ආකෘතිය එය පිළිගැනීමට ඉඩ දෙන/නොදෙන අවස්ථා එමටය.
ඉතින් අදට ගතයුතු වටිනා මෘදු, සරල සත්‍යය මෙන්න: ඔබ හමුවේ එන බොහෝ සීමාවන් ස්වභාවධර්මයේ නීති නෙවෙන්න පුළුවනි. ඒවා පැරණි සූත්‍ර, හැකි දේ පැහැදිලි කිරීමට යමෙකුගේ පෙර ගත්, අසම්පූර්ණ උත්සාහයක් වෙන්න බැරි නැහැ. ඔබ ඒවා වැලඳ ගන්න, උරුම කර ගැනීම අවශ්‍ය නොවේ. එවන් යමෙකු විසින් සකසා දෙන හෝ සකසා ගත් ස්ටෙන්සිලය තුල සීරුවෙන් පින්තාරු කර ඔබ, ඔබව ඇඳිය යුතුම නැහැ නේද?
කෙසේ වෙතත්, මී මැස්සා ගැන හිතන්න, ඔබ සතු දායාදයන් පෙරදැරි කරගෙන පියාසර කරන්න. කිසිවෙකු ඌ හට ළඟා විය නොහැකි යැයි සිතූ මල ගැන සිතන්න. ඔබ හමුවේ ඇති අභියෝගය - ඔබව බිම හෙළීමට උත්සාහ කළ සැකය, ඇද ගැට ගසා තබන, බරුවන් පළඳන පිටස්තර බලපෑම් දුරස් කර, ඒවායින් මිදි, ඒ හැමට වඩා වඩා විශාල දෙයක් වන ඔබේ ඉලක්කය, අභිප්‍රාය පෝෂණය කිරීමට, වැඩෙන්න ඉඩ දෙන්න. ඔබට පුළුවනි ඔබේ අභියෝගයන් ජයගන්න!
Sunday, August 30, 2026
සන්සුන් ආත්මයන්ගේ නිහඬ ආකර්ෂණය - The Silent Magnetism of Calm Souls
බොහෝ විට ඝෝෂාකාරී හඬවල්වලට කන්දෙන සහ වඩාත් ආක්‍රමණශීලී කඩිමුඩියේ සිටින්නන් සමරන ලෝකයක, සන්සුන් වීමට තෝරා ගැනීමේදී නිහඬ, වෙනස්ම සුන්දරත්වයක් ඇත. "මම සන්සුන් මිනිසුන්ට ආදරෙයි. ඥානවන්තව තම වචන තෝරා ගන්නා, කිසි විටෙකත් තම හඬ උස්ව නඟන්නේ නැති. පෙන්වීමට ජීවත් නොවී, නිහඬ හා සුසංයෝගී ආකාරයකින් පැවතීමට, අවම වශයෙන් කිසිවෙකුට හානියක් නොකිරීමට උත්සාහ කිරීම" යන අරුත දෙන ඉහත English උපුටා දැක්වීම මෘදු බව දුර්වලකමක් නොවන බව සුමුදු මතක් කිරීමක් ලෙස කටයුතු කරයි; එය කෙනෙකුගේ අභ්‍යන්තර ශක්තියේ අගතැන්පත් ස්වරූපයයි.
කෙනෙකුගේ වචන ඥානවන්තව තෝරා ගැනීම සහ කෙනෙකුගේ උස් හඬ නැගීම ප්‍රතික්ෂේප කිරීම ගැඹුරු චිත්තවේගීය විනයක ක්‍රියාවකි. බාහිර ලෝකය පාලනය කිරීමට උත්සාහ කිරීමට පෙර තම අභ්‍යන්තර ලෝකය ප්‍රගුණ කළ පුද්ගලයෙකු එයින් පිළිඹිඹු වේ. ආතතියේ කලබලකාරී අවස්ථාවන්හිදී, අනෙක් අය ආවේගශීලී උණුසුමෙන් ප්‍රතිචාර දක්වන අතර, සන්සුන් පුද්ගලයින් හිතාමතා සැහැල්ලුවෙන් ප්‍රතිචාර දක්වයි. කෑගැසීමකින් අවධානය අල්ලා ගත හැකි බව ඔවුන් නොදන්නවා නොවේ, නමුත් පැහැදිලිකම සහ සන්සුන්කම ඇත්ත වශයෙන්ම මනස වෙනස් කරයි. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය කිසි විටෙකත් හිස් නොවේ; එය පිළිතුරු වලින් පිරී ඇත.
තවද, ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයකින් තොරව පැවැත්ම තෝරා ගැනීමේදී දුර්ලභ, අපූරු ගෞරවයක් ඇත. අපි ජීවත් වන්නේ නිරන්තර රැඟුම් වලින් පිරි යුගයක, සාර්ථකත්වය බොහෝ විට අපට කොපමණ ශබ්දයක්/ඝෝෂාවක් කළ හැකිද නැතහොත් අපට කොපමණ ඊර්ෂ්‍යාවක් ජනනය කළ හැකිද යන්න අනුවය. සන්සුන් මිනිසුන් මෙම වෙහෙසකර තරඟය සම්පූර්ණයෙන්ම මඟ හරිති. ඔවුන් ස්වයං-වලංගුකරණයේ (self-validation) නැංගුරම් ලා ඇති අතර, කීර්තිය, ප්‍රශංසාව සොයා ගන්නේ බාහිරින් ලැබෙන අත්පොළසන් රාවයෙන් නොව, අභ්‍යන්තර සංයමයෙනි. ඔවුන් ලෝකය මත තම පැවැත්ම බලෙන් පටවන්නේ නැත; ඒ වෙනුවට, ඔවුන් තම සාමය විවෘත ආරාධනාවක් වීමට ඉඩ හරි.
එහි හරය තුළ, මෙම දර්ශනය ගැඹුරු සංවේදනාත්මක ජීවන රටාවක නැංගුරම් ලා ඇත: අවම වශයෙන් කිසිවෙකුට හානියක් නොකිරීමට උත්සාහ කිරීම. එය පෘථිවිය පුරා මෘදු ලෙස ගමන් කිරීමට කැපවීමකි. ගැටුම් හා ආත්මාර්ථකාමිත්වයෙන් බිඳී ගිය සමාජයක, ඝර්ෂණ මූලාශ්‍රයක් නොව නිරුප්ද්රිත මූලාශ්‍රයක් වීමට තීරණය කිරීම ගැඹුරු සදාචාරාත්මක ජයග්‍රහණයකි.
අවසාන වශයෙන්, සන්සුන් මිනිසුන් අපට සීරුවෙන් මතක් කර දෙන්නේ බලය ගර්ජනා (roar) කිරීමට අවශ්‍ය නොවන බව ඔවුන් ඔප්පු කරන බැවිනි. ඔවුන් ඉදිරියේ, නූතන සමාජයේ අවට පරිසරයෙන් ඇතිකරන අවුල් බව (anxiety) සමනය (calm) වන බව පෙනේ. පැවැත්මේ ඉහළම ඉලක්කය අවධානය, ප්‍රශංසාව ලබාගැනීම නොව සාමකාමිව ජීවත්විම බව ඔවුන් අපට මතක් කර දෙයි.
Saturday, August 29, 2026
ඔබ ආලෝකයක්, බලයක් - Everyone Has a Light, a Power
Tuesday, August 25, 2026
අඳුරට එළියක් - Light For All
Saturday, August 22, 2026
Lighthouse: අඳුර දුරුලන ආලෝකය විහිදුවන ප්‍රදීපාගරයක් වෙන්න
සෑම අයෙකුම උපතින් ලද දායාදයකි තමන් සතු මහඟු සම්පතක්, බලයක් වන තමා තුළම ඇති අලෝකය. එම බලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. එදිනෙදා අනේක බාහිර බලපෑම්, ඝට්ටනයන් වලට මුහුණ දෙන මිනිසාගේ ආලෝකය, දැල්වෙන තීව්‍රතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. එනමුත් සෑම කෙනෙකුටම පුළුවනි තවත් අයෙකුට ආලෝකයක් වෙන්න, අඳුරෙන් එළියට එන්න මග පාදන්න. එම ආලෝක රැස් දහර කෙතරම් කුඩා/සිහින් හෝ විශාල/පුළුල් වුවද, එයට වෙනසක් කළ හැකි වේවි - විශාල වෙනසක්.
එදිනෙදා භාවිතයේ ඇති ගැජට් එහෙක චූටි LEDයකින් විහිදුවන සිහින් ආලෝකය ගැන හිතන්න, අඳුරු වටාපිටාවක දී ඒ සිහින් ආලෝකය මොනතරම් දීප්තිමත්ව බැබලෙනවා ද, මොනතරම් දුරකට විහිදෙන්න සමත්වේ ද?
රළු රළ පෙළන මුහුදු මායිමක ගොඩබිමේ කෙළවරක උසින් උසට නැඟී සිටගෙන තෙරක් නැති සයුරේ ගණාදුරු රැයක රළ මත පදින පුංවි ඔරු, ඈත යාත්‍රා කරන විසල් නැව් වලට එකසේ පාර කියන ප්‍රදීපාගාරය - Lighthouse විහිදන එළිය එම යාත්‍රාවලට මොනතරම් නම් වටිනවා ඇත්ද? පිහිටක් වෙනවා ඇත්ද?
ප්‍රදීපාගාරය හෙවත් ලයිට්-හවුස් නිර්මාණය වෙන්නේ කටුක කාලගුණ තත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් අන්දමට. දරුණු සුළන් තත්වයට මුහුණ දිය හැකි රවුම් හැඩයට පාදමේ සිට ඉහළට වට ප්‍රමාණය අඩුවෙන විදියට. එම ශක්තිමත් අට්ටාලයේ ඉහළට වෙන්න සවි කර ඇති විශේෂ ලයිටින් සිස්ටම් එකයි ලයිට්-හවුසියේ ප්‍රධානම අංගය. එතුළ දැල්වෙන තීව්ර එළිය, තවත් වැඩි කරන කාච (ලෙන්ස්), පිළිවෙළකට සවිකර ඇති දර්පණ තලය කියන සිස්ටම් එක, එයින් අඳුර සිසාරා ඈතට විහිදෙන ආලෝක දහරාව. තමන්ගේ එළිය ලබන්නේ ලොකු පොඩි කවුරුන්ද, එයට තුති ප්රණාම පුද යන්නෝ, අහක බලාගෙන විඩාබර ගමනේ ඇදෙන්නෝ කවුද, කවුරුන්ද කියන එක කිසිම ගානක් නැතුව කිසියම් රිද්මයකට, පිළිවෙළට කැරෙකෙමින් ලයිට්-හවුස් නිරතුරුව එළිය විහිදනවා ඇත.
ඒ වගේම ප්‍රදීපාගාරය අපිට වැදගත් පාඩම් රැසක් කියා දෙනවා.
මිනිස්සු තමුන්ව සමාජයේ ඉස්මතු කර පෙන්වීමට, වැදගත්කම රෝපණය කිරීමට, කැපී පෙනීමට නෙයෙකුත් දේ කරයි, සල්ලි විසි කරයි. ගැවසෙන ස්ථානයක පිරිසකගේ අවධානය ලබාගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරයි. එනමුත් එලෙස හඹා යාමකින් තොරව තමුන් ඉන්නා තැන සිටගෙන බැබළිය හැකි බව ප්‍රදීපාගාරය කියාපානවා නොවේද?
ප්‍රදීපාගාරයක් මුහුදේ මුර සංචාරයේ යෙදෙන්නේ නැත. එය අවධානය ඉල්ලා කෑගසන්නේ නැත. එය ඈත නොපෙනී යන නැව් පසුපස දුවන්නේ නැත, ඔවුන්ට සමීප වන ලෙස, තමා වටා රොක්වෙන්නැයි අයැද සිටින්නේ නැත.
ප්‍රදීපාගාරය නිශ්චලව, ස්ථාවරව දිදුලයි - ලොකු පොඩි සෑම කුණාටුවක් හරහාම විශ්වාසදායක සහ දීප්තිමත් එළිය විහිදුවයි. අවශ්‍යතාවය ඇති නැව් සෑම විටම ප්‍රදීපාගරය හඳුනාගනී, ඇගයුමට ලක් කරයි.
ප්‍රදීපාගාරය කියා පාන්නේ: ඔබ උත්සාහයෙන් හෝ "සද්දේ දාලා" පුද්ගලයින් ආකර්ෂණය කරගත යුතු නැති'මුත් අව්‍යාජභාවය, අනුකූලතාව සහ යහ පැවැත්ම ඔවුන්ව ආකර්ෂණය කර ගනියි, දිනයි කියන වග නොවෙ ද?
ප්‍රදීපාගාරයේ ආලෝකය එහි සත්‍යයයි: බැබළීම යනු පරිපූර්ණ බව, ඔපවත් බව හෝ ඝෝෂාකාරී වීම කියන එක නොවේ. ප්‍රදීපාගාරයේ සත්‍යය ඉතා පැහැදිලිව සහ විශ්වාසයෙන් ජීවත්වීම ගැන වන අතර, එය කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයින් මිත්‍රත්වයෙන්, රැකියාවෙන් හෝ දයාවෙන් වේවා ස්වභාවිකවම ආකර්ෂණය වේ යන්න නොවෙ ද?
ප්රදීපාගාරයක ආලෝක කදම්බයක් මෙන්, ඔබේ අභ්‍යන්තර ආලෝකය ජනනය වෙන්නේ විහිදෙන්නේ පිළිවෙලටය:
- ඔබේ වටිනාකම් සමඟ, ඔබේ අරමුණ සමඟ, ඔබේ ලැදිකම සමඟ.
- ඔබට ඔබේ ආත්මය අලෙවි කිරීමට අවශ්‍ය නැත.
- ඔබ සිටින තැන, සම්පූර්ණයෙන්ම ඔබ ඔබම විය යුතුය.
අදාළ නොවන නැව් ඉවතට යාමට ඉඩ දෙන්න:
- සෑම නෞකාවක්ම ඔබේ වෙරළ සීමාවේ නැංගුරම් ලෑමට අදහස් නොකෙරේ.
- සමහරුන් පසුකර යනු ඇත. සමහරුන් ඔබේ ආලෝකය නොසලකා හරිනු ඇත. සමහරුන්ට එය කිසිසේත් නොපෙනේ, මන්ද ඔවුන්ගේ අභිප්රායන් වෙනස් විය හැකිය.
- ප්‍රදීපාගාර න්‍යාය සෑම කෙනෙකුම ආකර්ෂණය කර ගැනීම ගැන නොවේ.
- එය නිවැරදි අය ආකර්ෂණය කර ගැනීම ගැන ය - ආවේගයෙන් නොව අවංකව, උවමනාවෙන් සැරිසරන අය.
ඝෝෂාකාරී ශබ්දයට වඩා නිහඬ ශක්තිය:
- අපි බොහෝ විට පරිමාව (volume) වටිනාකම (value) ලෙස වරදවා වටහා ගනිමු. නමුත් ස්වභාවධර්මයේ ඇති ශක්තිමත්ම බලවේගයන් කිහිපයක් වෙන ගුරුත්වාකර්ෂණය, චුම්බකත්වය, කාලය නිහඬව ක්‍රියා කරයි.
- අභ්‍යන්තර ශක්තිය සඳහාද එය එසේම වේ.
- ඇතුළතින් බැබළෙන්න මිනිසුන්ට කෑ ගැසීමට, ඝෝෂාකිරීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ ආලෝකය ඔවුන්ගේ වචනවලට වඩා හයියෙන් කතා කරයි.
අවසානයේ, ආලෝක කදම්බය ගැන සිහියට ගන්න:
- එබැවින් ඔබ නොපෙනී හෝ නොසලකා හරින ලද බවක් දැනේ නම් කලබල නොවෙන්න, ගැඹුරු හුස්මක් ගන්න, සන්සුන් වෙන්න.
- ඔබේ ආලෝකය අනුන්ට ගැළපෙන ලෙස අඳුරු (dim) නොකරන්න. ඔබේ ජීවිතයට කිසිදා ළඟා නොවනු ඇතැයි අපේක්ෂා කළ නැවක් හෝ ඉලක්කයක් පසුපස දුවන එක නවත්වන්න. අනවශ්යව වෙහෙසට පත් නොවෙන්න.
ප්‍රදීපාගාරය වෙන්න.
ඔබේ ශක්තියෙන් නැගී සිටින්න. ඔබ බැබළෙන්න, සත්‍යයෙන් බැබළෙන්න. ඔබ බෙදන ආලෝක දහරාව අඳුර සිසාරා ගමන් කරනවා ඇත. අඳුරෙන් එළියට එන්න මග පාදනවා ඇත.
When you recognize the light within yourself, it becomes easier to see and respect the value in other people.ඔබ,ඔබ තුළ ඇති ආලෝකය (ශක්තිය) හඳුනා ගත් විට, අනෙක් පුද්ගලයින් තුළ ඇති වටිනාකම දැකීමට සහ ගරු කිරීමට පහසු වේ.
සමනලයා නොදකින උගේ පියාපත් - Butterflies Cannot See Their Wings
Butterflies cannot see their wings, but the rest of the world can! You. You are beautiful and while you may not see it, we can! සමනලුන්ට තමන...
-
"එදා මා හපනෙකි, මට මුළු ලොවම වෙනස් කරන්න අවැසි විය. අද මා නැණවත්ය, මවිසින් මාව වෙනස් කරගැනීමට වෙහෙසෙමි." – මහා කවි රූමි “Yes...
-
ඊයේ දවසේ නොතිබුණ අවස්ථාව අද ඇත, අද දවසින් පසුව උදාවෙන හෙට ඊටත් වඩා අවස්ථාවන් ඇත. ඉංග්‍රීසි O අකුර O pportunity හෙවත් අවස්ථාව කියන එක ගෙනහ...
-
ජීවිතය වේදනාකාරී වුවද, මිනිසුන් ඊට ආදරය කිරීමට හේතු වන්නේ සිහිනයයි! සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට ක්‍රියාව, උත්සාහය සහ කැපවීම අවශ්‍ය ...




