විහිදුවමින් ආලෝකය- අඳුරෙන් එළියට එන මග දැකගත හැකිවන සේ...

Tuesday, October 27, 2026

සිනහව - Smile

 

"A smile is a curve that sets everything straight." — Phyllis Diller

සුන්දර සිනාහව මුව මුවමඩලේ අඳින්නේ ලස්සන, ප්‍රියමනාප වකයක් වුවද එයින් බොහෝ දේ යහපත් කළ හැකිය.


සරල, අවංක සිනහවකට ආතතිය සමනය කිරීමටත්, සිත යහපත් කිරීමටත්, දුෂ්කර තත්වයන් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි ඒවා ලෙස දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව ඇත.

මිනිස් මුව වටා පිහිටා ඇති සියුමැලි මස්පිඩු විශේෂයක් සිනාවට සම්බන්ධය, ඒවා හකු වලට යා වෙලා තියෙන්නෙ. හිතක උපදින සිනහව කියන හැඟීම ස්නායූ මගින් ඒ මස්පිඩු වලට දැනුම් දෙනවා, ප්‍රතිඵලයක් හැටියට මුව දෙකොන ඉහළට ඇදෙනවා. සතුටක සේයාව මුහුණේ ඇඳෙනවා. ඒ සිනාව ඇත්තවශයෙන්ම, අව්‍යාජ නම් එම පුද්ගලයගේ සිත සතුටින් ප්‍රමෝදමත් වෙනවා, මුවමඩලේ ස්නායුවක් විසින් ඒ සුන්දර පණිවුඩය ඇස් වටා පිහිටි සුමුදු මස්පිඩු වෙත අරගෙන පිම්මේ දුවනවා. එහි ප්‍රතිඵලය සුන්දර ඇස්වටා ලස්සන රැළි මතුවෙනවා. අව්‍යාජ සිනාවක් මුවමඩල පුරා විසිරිලා ලස්සන ඇස් කොනින් ප්‍රකාශ වෙන්නේ එහෙමයි. තවද පුංචි සිනාවක් ඔබේ මුහුණ පුරා ඇඳෙන විට, මුහුණේ පිහිටි සියුම් පේශීන් ගණනාවක් ප්‍රබෝධමත් වේ, එහෙම නැතිනම් ව්‍යායාමයේ යෙදෙයි. ඉන් මුහුණේ ලස්සන, තරුණ පෙනුම රැකෙනවා. ඒ කොහොමද? ඒක රහසක්! හොඳට, ලස්සනට හිනාවෙලාම බලන්න...

සිනහව සුන්දරය, අයෙකු උත්පත්තියෙන් ලබන මිලකළ නොහැකි දායාදකි. එහෙත් සිනහව පෑම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කෙනෙකු සතු, කොච්චර දුන්නත් අඩුවක් නොවන වස්තූන් මේ ලොවේ ඇත්නම් සිනාව ඒ අතරින් මුල්තැන ගන්නවා සැක නැහැ. පමණක් විටෙක ඒ මද සිනාව ලබන්නා ඒ මොහොතේ ලබන සුන්දරම, මිලකළ නොහැකි දායාදය ඒ සොඳුරු සිනහව වෙන්න පුළුවනි. එහෙත්, වියරු සිනහව අනපේක්ෂිත අප්‍රසන්න අවස්ථාවන් ඇති කරතෑකි.

ක්ලැරන්ස් විජේවර්‍ධන ගයන ගීතයේ මෙහෙම කියනවා:
ඉඳහිට හමුවන මේ පුංචි වෙලාවේ
ඇයි මේ ඔය තරමට අගය හිනාවේ
යහළු මිතුරු අය මග දී මුණගැසුනාම
සඟවන්නට එපා පිපෙන සුවඳ හිනාව

ඇත්තටම යහළු සිනහවක් මොනතරම් නම් අගේ ද?

සිනහව කියන්නේ ඔසුවක්, අමිල ඔසුවක්. උදෙන්ම ඔබ මුණගැහෙන පුද්ගලයාට පුංචි, ලස්සන සිනාවක් පිරිනමන්න. එය එම පුද්ගලයාගේ දවසම වෙනස් කරන තිළිණයක්, driving force එකක් වෙන්න පුළුවන්.



Monday, October 19, 2026

හොඳ Learner (ඉගෙනගන්න) කෙනෙකු වන්නේ කෙසේද?

 


ඉගෙනීම යනු ජීවිත කාලය පුරාම පවතින ගමනකි. අප වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, පෞද්ගලික සහ වෘත්තීය දියුණුව සඳහා වැඩි අවස්ථා හා මං පෑදෙනවා ඇත.

හොඳ Learner කෙනෙකු සතු පුරුදු කීපයක්:
  • කුතුහලය පවත්වා ගන්න: ගවේෂණය කිරීමට සහ නව දේ සොයා ගැනීමට ඇති කැමැත්ත වර්ධනය කරගන්න.
  • අවධානය යොමු කරන්න: ඔබ කරන කාර්යය කෙරෙහි ඔබේ පූර්ණ අවධානය යොමු කරන්න.
  • අසාර්ථකත්වය බාරගන්න: වැරදීම් වටිනා පාඩම් ලෙස සලකන්න.
  • ඉවසිලිවන්ත වන්න: ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබා දෙන්න.
  • දැනුම ප්‍රායෝගිකව යොදාගන්න: ඔබ ඉගෙන ගන්නා දේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පත් කරන්න.
  • ප්‍රශ්න අසන්න: පැහැදිලි බව සහ ගැඹුරු අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරන්න.
  • දැනුම බෙදාගන්න: අන් අයට ඉගැන්වීම තුළින් ඉගෙන ගන්න.
  • විශේෂඥයන්ගෙන් ඉගෙන ගන්න: පොත්පත්, දේශන සහ අන්තර්ජාල සම්පත් ගවේෂණය කරන්න.
  • එකවර කාර්යයන් කිහිපයක් (multitask) කිරීමෙන් වළකින්න: වරකට එක් දෙයක් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න.
  • නොපසුබට උත්සාහය ඇතිව කටයුතු කරන්න: ක්ෂණික ප්‍රතිඵලවලට වඩා ප්‍රගතිය අගය කරන්න.
  • චිත්තවේගීය බුද්ධිය වර්ධනය කරගන්න: ඔබේ මෙන්ම අන් අයගේ හැඟීම් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න.

මතක තබා ගන්න - කුතුහලය පවත්වා ගන්න, දිගටම ඉගෙන ගන්න සහ කිසිවිටෙකත් ඔබේ දියුණුව නතර නොකරන්න. අද ඔබ තුළ ඇති ඉගෙනීමට ඇති කැමැත්ත, හෙට ඔබේ සාර්ථකත්වය තීරණය කරනු ඇත!



Thursday, October 15, 2026

එපා අතහරින්න - Don't Give-up

 



ජීවිතයේ බොහෝ ආසාර්ථකත්වයන් (failures) පරාජයන් වෙන්නේ සාර්ථකත්වය (success), ජයග්‍රහණය කරා ළඟා වෙන්න ඔන්න මෙන්න තිබියදී අතහැර දැමීම නිසාය.


විදුලි බල්බය සොයාගත් තෝමස් එඩිසන්ගේ ප්‍රකට කියමනක් වෙන්නේ:
“Many of life's failures are people who did not realize how close they were to success when they gave up,”


එඩිසන් අදහස් කළේ අභියෝග එම නිශ්චිත මොහොතේ වඩාත්ම දුෂ්කර යැයි හැඟෙන නිසා මිනිසුන් බොහෝ විට ඉදිරි ගමන වෙනුවට අතහැරදමා ඉවත් වන බවයි.


එය තාවකාලික බාධකයක් විඩාබර අවසානයක් ලෙස සැලකීමට වඩා ධෛර්යය, ඉවසීම, නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය දැකීමේ වටිනාකම ඉස්මතු කරයි.


සාර්ථකව විදුලි බල්බය නිර්මාණය කර එඩිසන් ගෙන් ඔහුගේ අසාර්ථක උත්සාහයන් ගැන පුවත්වාර්තා කරුවෙකු නැඟු ප්‍රශ්නයකට පිලිතුරවී ඇත්තේ "ආලෝක බල්බය සඳහා ද්‍රව්‍ය දහස් ගණනක් පරීක්ෂා කිරීම සහ සෑම පසුබෑමක්ම අසාර්ථකවීමක්ම පාඩුවක් ලෙස නොව, ක්‍රියා නොකරන මාර්ගයක් ලෙස සොයා ගැනීම" තමන් ලැබූ ජයග්‍රනයේ පසුබිම ලෙසය. ඔහුගේ එක් දහස්වෙනි පර්යේෂණ වාරයේ දී තමයි සාර්ථක විදුලි බල්බය  එළිදක්වා ඇත්තේ, ඒ කියන්නේ 999 වාරයක්ම අතහරින්නේ නැතුව  ඉදිරියට ගිය නිසා සාර්ථක වූ කෙනෙක්.


උත්සාහයෙන් යමක් කරගෙන යනවිට ඇතිවෙන අසමත්කම්, කලකිරීම්, විඩාව ආදී ආපස්සට අදින කාරණා කියන සෘණාත්මක අදහස් ඇතිවෙන මොහොතේ අතෑරීම වෙනුවට පුංචි විවේකයක් අරගෙන ඉදිරියට යන්න. ඔබට පුළුවන්, ඔබට පුළුවන් ජය ගන්න.

Tuesday, October 13, 2026

විශිෂ්ඨයෙකු වෙන්නට - To Be The Best

 


“ඔබට හොඳම තැනට පත්වීමට අවශ්‍ය නම්, අන් අයට වඩා හොඳින් පුහුණු විය යුතුය.”
– බ්‍රයන් ඔර්ටෙගා

“If you want to be the best, you’ve got to train better than the rest.”
– Brian Ortega


විශිෂ්ඨත්වයක්, සාර්ථකත්වයක් සඳහා අසාමාන්‍ය කැපවීමක් අවශ්‍යවේ. ඔබේ තරඟකරුවන් කරන ප්‍රමාණයටම වැඩ කිරීමෙන් ඔබට ඉහළම මට්ටම (elite status) ළඟා කරගත නොහැක.


සාමාන්‍ය පිරිස අතරින් කැපී පෙනීමට සහ ඔබේ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයට ළඟා වීමට නම්, ඔබේ සූදානම, විනය සහ පුහුණුවීමේ පුරුදු අන් සියල්ලන්ටම වඩා උසස් මට්ටමක පැවතිය යුතුය.

Monday, October 12, 2026

සමනලයෙකුව උපදින්න - Butterfly

 



"දළඹුවා ලෝකයේ අවසානය ලෙස දකින දේ, සමනලයෙකු බිහි කරයි."


මෙය අපට සිහිපත් කර දෙන්නේ, දැඩි අරගල, වේදනාව හෝ ජීවිතයේ විශාල වෙනස්කම් (එනම් කෝෂ අවධිය) පූර්ණ විනාශයක් හෝ අවසානයක් ලෙස හැඟී ගියද, ඇත්ත වශයෙන්ම ඒවා සුන්දර නව ආරම්භයක් සඳහා වන වේදනාකාරී සූදානමක් පමණක් බවයි.

අපගේ දුෂ්කරම අවස්ථාවන් තුළ පවා ගැඹුරු පෞද්ගලික වර්ධනයක් සහ පරිවර්තනයක් සඳහා වන හැකියාව සැඟවී ඇති බව පෙන්වා දෙමින්, මෙය අපට ඉවසීම උගන්වනවා, බලකරනවා  නේද?

Saturday, October 10, 2026

වෙනස - Change

 

"එදා මා හපනෙකි, මට මුළු ලොවම වෙනස් කරන්න අවැසි විය. 
අද මා නැණවත්ය, මවිසින් මාව වෙනස් කරගැනීමට වෙහෙසෙමි."
 – මහා කවි රූමි


“Yesterday I was clever, so I wanted to change the world. 
Today I am wise, so I am changing myself.”
– Rumi

Friday, October 9, 2026

සිහිනය - Dream

 

ජීවිතය වේදනාකාරී වුවද,
මිනිසුන් ඊට ආදරය කිරීමට හේතු වන්නේ සිහිනයයි! 

සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට
ක්‍රියාව, උත්සාහය සහ කැපවීම අවශ්‍ය වේ.

A Dream is what makes people love life even when it is painful!
Dreams need action, effort, and commitment to become real.

Wednesday, October 7, 2026

බලාපොරොත්තුව නැති කරගන්න එපා - Opportunity

 


ඊයේ දවසේ නොතිබුණ අවස්ථාව අද ඇත, අද දවසින් පසුව උදාවෙන හෙට ඊටත් වඩා අවස්ථාවන් ඇත.

ඉංග්‍රීසි O අකුර Opportunity හෙවත් අවස්ථාව කියන එක ගෙනහැර දක්වයි.

ඊයේ කියන ‍Yesterday හි O අකුර හමුවෙන්නේ නැත, අද කියන Today හි එක O අකුරක් ද අද දවසෙන් පසුව එළඹෙන හෙට කියන Tomorrow හි O අකුර තුනක් ද හමුවේ.

ගෙවීගිය ඊයේට වඩා අද, අදට වඩා හෙට උත්සාහ කරන්න අවස්ථාවන් - Opportunity බොහෝ ඇති බව Yesterday, Today, Tomorrow පෙන්නුම් කරනවා නේද?

බලාපොරොත්තුව නැති කරගන්න එපා, උත්සාහය අතහරින්න එපා.

සමනලයා නොදකින උගේ පියාපත් - Butterflies Cannot See Their Wings

Butterflies cannot see their wings, but the rest of the world can! You. You are beautiful and while you may not see it, we can! සමනලුන්ට තමන...