විහිදුවමින් ආලෝකය- අඳුරෙන් එළියට එන මග දැකගත හැකිවන සේ...

Tuesday, November 3, 2026

සමනලයා නොදකින උගේ පියාපත් - Butterflies Cannot See Their Wings



Butterflies cannot see their wings, but the rest of the world can! You. You are beautiful and while you may not see it, we can!
සමනලුන්ට තමන්ගේම පියාපත් දැකගත නොහැකි වුවත්, ලෝකයේ අන් අයට ඒවා දැකගත හැකියි! ඔබත් එහෙමයි. ඔබ ඉතා සුන්දරයි; සමහරවිට ඔබට එය නොපෙනෙන්නට පුළුවන්, නමුත් අපට එය හොඳින්ම පෙනෙනවා!


කෙනෙකුගේ බාහිර පෙනුම, කතාබහ, හැසිරීම වගේම අපිට පුලුවනි නම් කෙනෙකුගේ හදවතේ ලස්සන දකින්න, අරමුණ, අභිප්‍රාය හඳුනාගන්න අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා මෙලොව දිහා වෙනස් විදියට දකින්න, එකිනෙකාට මීට වඩා උවමනාවෙන් හා ගෞරවයෙන් සලකන්න.

බොහෝ දෙනෙකු සිතනවා ඔවුන් කිසිම වැදගැම්මකට නැති අය හැටියට, එම මතයට තල්ලුවීමට ඔවුන් මුහුණ දුන් නිරස අත්දැකීම් ආදිය බොහෝ විට බලපානවා ඇති. ඇත්තෙන්ම එවැනි වැරදි ආකල්ප වල ගැල්වී සිටින්නේ නැතිව තමන්ගේ වටිනාකම වටහාගෙන තමන් තමන්ට ආදරය කරමින් ඉදිරියට යන්න සමත් වෙන්න පුද්ගලයා ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟාවෙන්න සමත් වෙනවා ඇත.

තමන් වැදගැම්මකට නැති අයෙකු හැටියට හිතට දැනෙන පුද්ගලයා පොඩි විරාමයක් අරගෙන පිටස්තරයින් තමන්ව දකිනවා ඇතැයි කියන හැටි ගැන අවබෝධ කරගන්න උනන්දුවෙනවා නම් ඔහු/ඇය විසින් තමන් වටා හදාගෙන ඉන්නා වූ කටුක, අවපැහැ කෝෂයෙන් මිදීමට මග පෑදෙනවා ඇත. දෙවනුව, තමන් තමන්ට ඇළුම් කරන ප්‍රියජනක පුද්ගලයෙකු විය යුතුය. තෙවනුව තමන් තමන්ව විශ්වාස කරන පුද්ගලයෙකු විය යුතුය.

එවිට තමන්, එදා කෝෂය තුල සිටි පිළවාවත් ඊට පෙර සිටි බුවා පිරුණ දළඹුවාවත් නොව සමනළයෙකු යන්න හිතට දැනේවි. තමන්ගේ ලස්සන, සුමුදු පියාපත් ගසා සැරි සැරිය හැකි නිදහස් සමනළයෙකුට ලොව සිත් බඳීවි, ඔබේ සිත තුල ධනාත්මක අදහස් ඇතිවී, පිරේවි. ඔබේ සමනළ තටුවල, ඔබ නුදුටු, ලොව දුටු ලස්සන දැකින්න පුළුවන් වේවි!

ඔබ මෙලොව වැදගත් සුන්දර ජීවියෙකි, මේ විශ්වය විසින් පෝෂණය කරන පුද්ගලයෙකි. සමනළයාට ඇත්තේ කපුටෙකු මෙන් පියාසලන්න පුළුවන් අත්තටු විතරක් නෙවෙයි, ලොවේම ඇස් ඇද, බැඳ වශීකරගත හැකි අලංකාර අත්තටු යුගලයකි. 

සමනලයා මේ ලෝකය සුන්දර කරන අලංකාර ජීවියෙකි, හිමිදිරි උදයේ මලින් මලට පියාපත් සලන සමනලයා මොනවා හෝ රහසක් මුමුනනවා ඇති. ඒ වගේම ලස්සන සමනලයා අළුත් දවසක් උදාවත් සමඟම ගෙනෙන වැදගත් පණිවුඩය වෙන්නේ: වර්ධනයක් ලබා ගැනීමට නම්, ඔබ දන්නා හඳුනන ආරක්ෂිත වටපිටාව අතහැර, නොදන්නා දේ වෙත පියවර තැබිය යුතුය.


 


සමනලයා නොදකින උගේ පියාපත් - Butterflies Cannot See Their Wings

Butterflies cannot see their wings, but the rest of the world can! You. You are beautiful and while you may not see it, we can! සමනලුන්ට තමන...