"A smile is a curve that sets everything straight." — Phyllis Diller
සුන්දර සිනාහව මුව මුවමඩලේ අඳින්නේ ලස්සන, ප්‍රියමනාප වකයක් වුවද එයින් බොහෝ දේ යහපත් කළ හැකිය.
සරල, අවංක සිනහවකට ආතතිය සමනය කිරීමටත්, සිත යහපත් කිරීමටත්, දුෂ්කර තත්වයන් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි ඒවා ලෙස දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව ඇත.
මිනිස් මුව වටා පිහිටා ඇති සියුමැලි මස්පිඩු විශේෂයක් සිනාවට සම්බන්ධය, ඒවා හකු වලට යා වෙලා තියෙන්නෙ. හිතක උපදින සිනහව කියන හැඟීම ස්නායූ මගින් ඒ මස්පිඩු වලට දැනුම් දෙනවා, ප්‍රතිඵලයක් හැටියට මුව දෙකොන ඉහළට ඇදෙනවා. සතුටක සේයාව මුහුණේ ඇඳෙනවා. ඒ සිනාව ඇත්තවශයෙන්ම, අව්‍යාජ නම් එම පුද්ගලයගේ සිත සතුටින් ප්‍රමෝදමත් වෙනවා, මුවමඩලේ ස්නායුවක් විසින් ඒ සුන්දර පණිවුඩය ඇස් වටා පිහිටි සුමුදු මස්පිඩු වෙත අරගෙන පිම්මේ දුවනවා. එහි ප්‍රතිඵලය සුන්දර ඇස්වටා ලස්සන රැළි මතුවෙනවා. අව්‍යාජ සිනාවක් මුවමඩල පුරා විසිරිලා ලස්සන ඇස් කොනින් ප්‍රකාශ වෙන්නේ එහෙමයි. තවද පුංචි සිනාවක් ඔබේ මුහුණ පුරා ඇඳෙන විට, මුහුණේ පිහිටි සියුම් පේශීන් ගණනාවක් ප්‍රබෝධමත් වේ, එහෙම නැතිනම් ව්‍යායාමයේ යෙදෙයි. ඉන් මුහුණේ ලස්සන, තරුණ පෙනුම රැකෙනවා. ඒ කොහොමද? ඒක රහසක්! හොඳට, ලස්සනට හිනාවෙලාම බලන්න...
සිනහව සුන්දරය, අයෙකු උත්පත්තියෙන් ලබන මිලකළ නොහැකි දායාදකි. එහෙත් සිනහව පෑම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කෙනෙකු සතු, කොච්චර දුන්නත් අඩුවක් නොවන වස්තූන් මේ ලොවේ ඇත්නම් සිනාව ඒ අතරින් මුල්තැන ගන්නවා සැක නැහැ. පමණක් විටෙක ඒ මද සිනාව ලබන්නා ඒ මොහොතේ ලබන සුන්දරම, මිලකළ නොහැකි දායාදය ඒ සොඳුරු සිනහව වෙන්න පුළුවනි. එහෙත්, වියරු සිනහව අනපේක්ෂිත අප්‍රසන්න අවස්ථාවන් ඇති කරතෑකි.
ක්ලැරන්ස් විජේවර්ධන ගයන ගීතයේ මෙහෙම කියනවා:
ඉඳහිට හමුවන මේ පුංචි වෙලාවේ
ඇයි මේ ඔය තරමට අගය හිනාවේ
යහළු මිතුරු අය මග දී මුණගැසුනාම
සඟවන්නට එපා පිපෙන සුවඳ හිනාව
ඇත්තටම යහළු සිනහවක් මොනතරම් නම් අගේ ද?
සිනහව කියන්නේ ඔසුවක්, අමිල ඔසුවක්. උදෙන්ම ඔබ මුණගැහෙන පුද්ගලයාට පුංචි, ලස්සන සිනාවක් පිරිනමන්න. එය එම පුද්ගලයාගේ දවසම වෙනස් කරන තිළිණයක්, driving force එකක් වෙන්න පුළුවන්.

No comments:
Post a Comment