ජීවිතයේ බොහෝ ආසාර්ථකත්වයන් (failures) පරාජයන් වෙන්නේ සාර්ථකත්වය (success), ජයග්රහණය කරා ළඟා වෙන්න ඔන්න මෙන්න තිබියදී අතහැර දැමීම නිසාය.
විදුලි බල්බය සොයාගත් තෝමස් එඩිසන්ගේ ප්රකට කියමනක් වෙන්නේ:
“Many of life's failures are people who did not realize how close they were to success when they gave up,”
එඩිසන් අදහස් කළේ අභියෝග එම නිශ්චිත මොහොතේ වඩාත්ම දුෂ්කර යැයි හැඟෙන නිසා මිනිසුන් බොහෝ විට ඉදිරි ගමන වෙනුවට අතහැරදමා ඉවත් වන බවයි.
එය තාවකාලික බාධකයක් විඩාබර අවසානයක් ලෙස සැලකීමට වඩා ධෛර්යය, ඉවසීම, නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය දැකීමේ වටිනාකම ඉස්මතු කරයි.
සාර්ථකව විදුලි බල්බය නිර්මාණය කර එඩිසන් ගෙන් ඔහුගේ අසාර්ථක උත්සාහයන් ගැන පුවත්වාර්තා කරුවෙකු නැඟු ප්රශ්නයකට පිලිතුරවී ඇත්තේ "ආලෝක බල්බය සඳහා ද්රව්ය දහස් ගණනක් පරීක්ෂා කිරීම සහ සෑම පසුබෑමක්ම අසාර්ථකවීමක්ම පාඩුවක් ලෙස නොව, ක්රියා නොකරන මාර්ගයක් ලෙස සොයා ගැනීම" තමන් ලැබූ ජයග්රනයේ පසුබිම ලෙසය. ඔහුගේ එක් දහස්වෙනි පර්යේෂණ වාරයේ දී තමයි සාර්ථක විදුලි බල්බය එළිදක්වා ඇත්තේ, ඒ කියන්නේ 999 වාරයක්ම අතහරින්නේ නැතුව ඉදිරියට ගිය නිසා සාර්ථක වූ කෙනෙක්.
උත්සාහයෙන් යමක් කරගෙන යනවිට ඇතිවෙන අසමත්කම්, කලකිරීම්, විඩාව ආදී ආපස්සට අදින කාරණා කියන සෘණාත්මක අදහස් ඇතිවෙන මොහොතේ අතෑරීම වෙනුවට පුංචි විවේකයක් අරගෙන ඉදිරියට යන්න. ඔබට පුළුවන්, ඔබට පුළුවන් ජය ගන්න.

No comments:
Post a Comment